2020 ජනවාරි 25 වන සෙනසුරාදා

රන්ජන්ගේ බොරු කොණ්ඩේ තාම සිර කුටියේ

 2020 ජනවාරි 25 වන සෙනසුරාදා, ප.ව. 12:30 609

I ජයන්ත සමරකෝන්

රිමාන්ඩ් භාරයේ පසුවන පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා බන්ධනාගාර ගතවන විට භාරදිය යුතු බොරු කොණ්ඩය මෙතෙක් මැගසින් බන්ධනාගාර ගබඩාවට භාරදී නැතැයි එම බන්ධනාගාර ආරංචි මාර්ග අනාවරණය කරයි.

බන්ධනාගාරගතවූ ඉකුත් 15දාම සිය බොරු කොණ්ඩය ගලවා නැති ඔහුට බන්ධනාගාර නිලධාරීන් විසින් බන්ධනාගාර නීතිය පහදා දී අවවාද කිරීමෙන් පසුව එය ගලවා දමා ඇතත් එය ඔහු රඳවා සිටින පී සිරකුටියේ තබාගෙන සිටින බව පැවසේ.

බන්ධනාගාර ආඥා පනතට අනුව සිරගත වන හෝ රිමාන්ඩ් භාරයට පත්වන ඕනෑම අයකු බන්ධනාගාරයට ඇතුළු වන අවස්ථාවේදීම සිය බොරු කොණ්ඩ, බොරැ දත්, මිල මුදල්, රන් ආභරණ හෝ කෘත්‍රිම අත් පා ගලවා ඒවා ගබඩාවට භාරදිය යුතු බවට එම නිලධාරීහු පවසති.

එහෙත්, රන්ජන් රාමනායක මහතා මේ දක්වාම සිය බොරු කොණ්ඩය භාර නොදී “බාබර් පාටියේ” සිරකරුවකු ලවා හිස බූ ගාගෙන ඇතැයිද කියති.

 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:01