2020 ජනවාරි 25 වන සෙනසුරාදා

නායකත්වය ගන්න කරුගෙන් කොන්දේසි

 2020 ජනවාරි 25 වන සෙනසුරාදා, ප.ව. 12:30 265

I දේශපාලන වාර්තාකරු

තමන් එ.ජා.ප. නායකත්වය භාරගන්නේ පක්ෂනායක රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂ සමුළුවට තම නම යෝජනාකර සජිත් ප්‍රේමදාස මහතා ස්ථීර කළොත් පමණක් බව කතානායක කරු ජයසූරිය එ.ජා.ප.යට දැනුම් දී තිබේ. එසේම එ.ජා.ප. කෘත්‍යාධිකාරී මණ්ඩලය හා පක්ෂ මහ සමුළුවද එම යෝජනාව අනුමත කළයුතු බවද ජයසූරිය මහතා කියා ඇත.

මේ හැර තමන් එ.ජා.ප.ය වෙනත් පක්ෂ සමඟ හදන සන්ධානයක නායකත්වය භාරගන්නට සූදානම් නැතැයිද කරු ජයසූරිය මහතා පක්ෂයට දැන්වූ බව එ.ජා.ප. ඉහළ පෙළේ ආරංචි මාර්ග කියයි. පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සහ කරැ ජයසූරිය මහතා අතර විශේෂ හමුවක් පසුගියදා සිදුවිය.

 2024 අප්‍රේල් 20 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 20 වන සෙනසුරාදා, ප.ව. 02:00