2020 ජනවාරි 18 වන සෙනසුරාදා

ජනපති කාර්යාලයේ ඔම්බුඩ්ස්මන් තනතුරක්

 2020 ජනවාරි 18 වන සෙනසුරාදා, ප.ව. 12:30 43

I දේශපාලන වාර්තාකරු

ජනාධිපති කාර්යාලයේ ඔම්බුඩ්ස්මන් තනතුරක් ස්ථාපිත කර ඇත. ඒ අනුව එහි මුල්ම ඔම්බුඩ්ස්මන් ලෙස විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එස්. එම්. වික්‍රමසිංහ මහතා පත්කර තිබේ.

ජනාධිපතිවරයා යටතේ ඔම්බුඩ්ස්මන් තනතුරක් ස්ථාපිත කර ඇත්තේ පළමුවරටය. ජනාධිපතිවරයා වෙත ලැබෙන දුක්ගැනවිලි හා පැමිණිලි විමර්ශනය කොට ඒවා සඳහා සුදුසු විසඳුම් සැපයීම ඔම්බුඩ්ස්මන්වරයාගේ කාර්යභාරයයි. නව ඔම්බුඩ්ස්මන් ධූරයට අදාළ පත්වීම වික්‍රමසිංහ මහතා විසින් භාරගැනීමෙන් අනතුරුව ජනාධිපති කාර්යාලයේ ඔම්බුඩ්ස්මන්ගේ කාර්යාලයක්ද පිහිටුවීමට නියමිතය.