2020 ජනවාරි 18 වන සෙනසුරාදා

යසන්ත කෝදාගොඩ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ධුරයට

 2020 ජනවාරි 18 වන සෙනසුරාදා, ප.ව. 12:30 43

අධිකරණ වාර්තාකරු l

පුරප්පාඩු වී තිබෙන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ධුරයට අභියාචනාධිකරණ සභාපති විනිසුරු යසන්ත කෝදාගොඩ මහතාගේ නම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට නිර්දේශ කර තිබේ.

හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රසන්න ජයවර්ධන මහතාගේ අභාවයෙන් හිස් වූ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු තනතුරට කෝදාගොඩ මහතාගේ නම අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා විසින්ද නිර්දේශ කර තිබිණි.

යසන්ත කෝදාගොඩ මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට පත්වීමෙන් හිස්වන අභියාචනාධිකරණ සභාපති ධුරයට එම අධිකරණයේ ජ්‍යෙෂ්ඨ විනිසුරු දිලිප් නවාස් මහතාගේ නම ජනාධිපතිවරයා විසින් නිර්දේශ කර ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග කියයි.