2020 ජනවාරි 11 වන සෙනසුරාදා

රන්ජන්ගේ තවත් හඬපට ඕස්ට්‍රේලියාවේ හංගලා

 2020 ජනවාරි 11 වන සෙනසුරාදා, ප.ව. 12:30 1165

I ගයාන් ගාල්ලගේ

ප්‍රකාශිත හඬපටවලට අමතරව තවත් හඬපට රැසක් ඕස්ට්‍රේලියාවේ සහ එක්තරා ආරක්ෂිත ස්ථානයක තැන්පත් කර ඇති බවත් අවශ්‍ය මොහොතක ඒවා ඉදිරිපත් කරන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා දේශයට පැවසීය.

ආන්දෝලනාත්මක හඬපට සිද්ධිය සම්බන්ධයෙන් අප මන්ත්‍රීවරයාගෙන් කරුණු විමසූ මොහොතේ ඔහු මේ බව ‍කීය.

එසේම මේ ගැන විමර්ශනයට තමන් ජනාධිපති කොමිසමක් ඉල්ලා සිටින බවත් එය පිහිට වූ පසුව ඒ හමුවේ පෙනී සිටිමින් සියල්ල හෙළිදරව් කරන බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.

තමන් මෙලෙස හඬපට ළඟ තබාගත්තේ යහපාලන ආණ්ඩුව දුන් පොරොන්දු ඉෂ්ට කිරීමට බවත් හොරුන් දූෂිතයන් යහපාලන ආණ්ඩුව විසින් ආරක්ෂා කළ නිසා තමන් ජනතාවට දුන් පොරොන්දුව වෙනුවෙන් පෙනී සිටි බවත් මන්ත්‍රීවරයා පැවසීය.

 

 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:01