2020 ජනවාරි 11 වන සෙනසුරාදා

චන්ද්‍රිකා දොට්ට දාන්නලු

 2020 ජනවාරි 11 වන සෙනසුරාදා, ප.ව. 12:30 36

I ගයාන් ගාල්ලගේ

ජනාධිපතිවරණයේදී පක්ෂයේ තීන්දුවට එරෙහිව යමින් පක්ෂය බෙදා වෙන්කර සම්මේලන පැවැත්වීම නිසා හිටපු ජනපති ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨ අනුශාසක චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මහත්මියව පක්ෂයේ තනතුරුවලිනුත් මධ්‍යම කාරක සභාවෙනුත් ඉවත්කරන ලෙස ඉල්ලා එම පක්ෂයේ සංවිධායකවරුන් පිරිසක් හිටපු ජනාධිපති පක්ෂ නායක මෛත්‍රීපාල සිරිසේන මහතාට ලිපියක් බාරදීමට සැලසුම් කර ඇත.

පක්ෂය ඒකමතිකව ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාස මහතාට සහයෝගය ලබා නොදෙන බවට තීරණය කර තිබියදීත් පක්ෂයේ පිරිසක් සමඟ එජාපයේ රැස්වීම්වලට සහභාගි වීම නිසා ඊට එරෙහිව ක්‍රියාමාර්ග ගතයුතු බව එම ලිපියෙන් දැනුම් දීමට නියමිතය.

එසේම මින් ඉදිරියට පක්ෂයේ කිසිදු රැස්වීමකට ඇයව කැඳවීම් නොකරන ලෙසද ඉල්ලීමක් කෙරේ.

 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:01