2020 ජනවාරි 11 වන සෙනසුරාදා

එජාපයේ නායකත්ව අර්බුදයට ලබන 16දා විසඳුම්?

 2020 ජනවාරි 11 වන සෙනසුරාදා, ප.ව. 12:30 17

දේශපාලන වාර්තාකරු l

එක්සත් ජාතික පක්ෂයේ නායකත්ව ප්‍රශ්නය ලබන බ්‍රහස්පතින්දා (16දා) විසඳන බව පක්ෂනායක රනිල් වික්‍රමසිංහ මහතා විසින් එ.ජා.ප. මන්ත්‍රී කණ්ඩායමට දැනුම් දී තිබේ.

ගිය බ්‍රහස්පතින්දා මේ ගැන තීන්දුවක් ගන්නට කැඳවා තිබූ එ.ජා.ප. මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම බරපතල වාග් සටන්වලින් පිරී තිබිණි. සජිත් හිතවාදීන් හා රනිල් හිතවාදීන්ද වෙන වෙනම වාද විවාද කරමින් පක්ෂ නායකත්වය ගැන කඩිනම් තීන්දුවක් ගත යුතු බව පෙන්වා දී තිබේ. කරු ජයසූරිය මහතාගේ නමද විකල්පයක් ලෙස සඳහන්ව ඇත. පක්ෂ නායකත්වය ගැන ඡන්ද විමසීමක් කරන ලෙසද ඇතැම් ජ්‍යෙෂ්ඨයෝ යෝජනා කර ඇත.

එහෙත් මේ කිසිවක් ගැන අවසන් තීරණයකින් තොරව එ.ජා.ප. මන්ත්‍රී කණ්ඩායම් රුස්වීම හමාර විය. පක්ෂනායක රනිල් වික්‍රමසිංහ මහතා සිංගප්පූරු සංචාරයක් සඳහා යන බවත් ඉන් අනතුරුව ලබන බ්‍රහස්පතින්දා මේ ගැන අවසන් තීන්දුවක් ගන්නා බවත් ඔහු පක්ෂ මන්ත්‍රී කණ්ඩායමට දැන්වීය.