2020 ජනවාරි 11 වන සෙනසුරාදා

යූ ඇන් පිය රන්ජන්ට අවි අමෝරයි - ජ්‍යෙෂ්ඨ පිරිසකගෙන් ලිපියක්

 2020 ජනවාරි 11 වන සෙනසුරාදා, ප.ව. 12:30 31

I ගයාන් ගාල්ලගේ

පක්ෂයේ ප්‍රතිරූපයත් පක්ෂ නායකයන්ගේ ප්‍රතිරූපයත් පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා විසින් විනාශ කිරීම හේතුවෙන් මින් ඉදිරියට එක්සත් ජාතික පක්ෂයෙන් දේශපාලනය කිරීමට අවස්ථාවක් ලබා නොදෙන ලෙස ඉල්ලා එම පක්ෂයේ තනතුරු හොබවන ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරුන් පිරිසක් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසත් මහතාටත් පක්ෂ නායක රනිල් වික්‍රසිංහ මහතාටත් ලිපියක් බාරදීමට තීරණය කර තිබේ.

විනය ක්‍රියාමාර්ග ගැනීම පමණක් සිදුකර නැවත රන්ජන් රාමනායක මහතාට පක්ෂය තුළින් දේශපාලනය කිරීමට අවස්ථාවක් ලබා දුනහොත් එය පක්ෂයේ ප්‍රතිරූපයට හානියක් බව එම ජ්‍යෙෂ්ඨයන් සිය ලිපිය මගින් පෙන්වා දී ඇත.

ඇතැම් පක්ෂයේ අයගේ නම් ගම් සඳහන් කරමින් ඔවුන්ට බොරු චෝදනා කරන අයුරු ඇතැම් හඬ පටවල පවා ඇතුළත් වී ඇති බවත් ඒ හරහා පක්ෂයේ මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් ජනතාවට වැරදි ප්‍රචාර යන නිසා තවදුරටත් පක්ෂයේ ගෞරවය කෙළසීමට ඉඩ ලබා නොදෙන ලෙසට එම ජ්‍යෙෂ්ඨයන් මේ ලිපියේ සඳහන් කෙරෙන බවද කියයි.
මේ ලිපිය සැකසීම සඳහා පක්ෂයේ හිටපු සහ දැනට ඉහළ තනතුරු නියෝජනය කරන ජ්‍යෙෂ්ඨයන් පිරිසක් සම්බන්ධ වී ඇතැයි සඳහන් වේ.