2020 ජනවාරි 04 වන සෙනසුරාදා

සරත් ෆොන්සේකාගේ ඇමැති ගොඩනැගිල්ලට කෝටි 31ක් ගෙවලා

 2020 ජනවාරි 04 වන සෙනසුරාදා, ප.ව. 12:30 47

I දේශපාලන වාර්තාකරු

පසුගිය රජය යටතේ අධික කුලියක් ගෙවා ලබාගත් කෘෂිකර්ම අමාත්‍යංශ ගොඩනැගිල්ලට අමතරව ප්‍රාදේශීය සංවර්ධන කටයුතු කාර්යාලය සඳහා රුපියල් කෝටි 31ක් ගෙවා රාජගිරියෙන් ගොඩනැගිල්ලක් කුලියට ගෙන තිබේ.

පෞද්ගලික ආයතනයකින් කුලියට ගත් මෙම ගොඩනැගිල්ලේ මාසික කුලිය රුපියල් එක්කෝටි විසි හත් ලක්ෂයකි. වර්ග අඩි දහ අටදහසක් පමණ ඇති මෙම කුලී ගොඩනැගිල්ලේ මාසික විදුලිය බිල රුපියල් අට ලක්ෂ පනස් දහසකි.
පසුගිය රජයේ ප්‍රාදේශීය සංවර්ධන විෂය භාර අමාත්‍යවරයාව සිටි ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා වෙනුවෙන් මෙම ගොඩනැගිල්ල කුලියට ගෙන ඇත්තේ වර්ෂ 2016 සිට 2021 දක්වා වසර 5කටය. ගොඩනැගිල්ල මෙතරම් මුදලක් ගෙවා කුලියට ගැනීම සඳහා එකල පැවති යහපාලන ආණ්ඩුවේ අමාත්‍ය මණ්ඩල අනුමැතියද හිමිව තිබිණි.

 

 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:01