2019 දෙසැම්බර් 28 වන සෙනසුරාදා

මහ මැතිවරණය : එජාප තීන්දුව එන මාසයේ - වජිර අබේවර්ධන

 2019 දෙසැම්බර් 28 වන සෙනසුරාදා, ප.ව. 12:30 139

I හසිත් අංජන

ඉදිරි මහමැතිවරණයට නායකත්වය ලබාදෙන්නේ කවුද යන්න කරුණ පිළිබඳව ජනවාරි මාසයේ තීන්දු කරන බව හිටපු අමාත්‍ය එක්සත් ජාතික පක්ෂ ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පැවසීය.

එජාපය මහමැතිවරණයට හවුල්කාර පක්ෂ රැසක් සමඟ තරග කරන බැවින් ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත් වන්නේ එම පක්ෂවල එකඟතාවයකින් පසුව බවද මන්ත්‍රීවරයා කීය.

ඇතැමුන් එක්සත් ජාතික පක්ෂයේ අර්බුදයක් නිර්මාණය කිරීමට උත්සාහ කළද සැබවින්ම තම පක්ෂයේ අර්බුදයක් නොමැති බවත් ඉදිරි මහමැතිවරණය ජයග්‍රහණය කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙළවල් කිහිපයක්ම මේ වන විටත් ක්‍රියාත්මක කර ඇති බවත් වජිර අබේවර්ධන මහතා වැඩිදුරටත් සඳහන් කළේය.