2019 දෙසැම්බර් 28 වන සෙනසුරාදා

රාජාසන කතාව පරදන වැඩේට මම නැහැ - මන්ත්‍රී මරික්කාර්

 2019 දෙසැම්බර් 28 වන සෙනසුරාදා, ප.ව. 12:30 496

I ගයාන් ගාල්ලගේ

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පාර්ලිමේන්තුව අමතා සිදුකරන රාජාසන කතාව එජාපයේ පිරිසක් විසින් පරාජය කිරීමට උත්සාහ ගන්නා නමුත් තමන් ජනාධිපතිවරයාට පක්ෂව ඡන්දය ලබාදෙන බව එ.ජා.ප. පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා ‘දේශයට’ පැවසීය.

බහුතර ජනතා ඡන්දයකින් පත්වූ ජනාධිපතිවරයාගේ රාජාසන කතාව පරාජය කිරීමට කතා කිරීම එජාපයේ අනුවණයන් පිරිසකගේ වැඩක් බවද හෙතෙම සඳහන් කළේය.

ජනාධිපතිවරයා ඇතුළු ආණ්ඩුව සිදුකරන යහපත් දේ සඳහා සහාය දැක්වීමත් එසේම ඔවුන් ඡන්ද සමයේදී ජනතාවට ලබාදුන් පොරොන්දු ඉටුකරන තැනට බලකිරීමත් විපක්ෂයක් ලෙස සිදුකළ යුතු බවත් මන්ත්‍රීවරයා කීය.