2019 දෙසැම්බර් 28 වන සෙනසුරාදා

රාජිත රෝහලේදී රිමාන්ඩ්

 2019 දෙසැම්බර් 28 වන සෙනසුරාදා, ප.ව. 12:30 13

ගයාන් ගාල්ලගේ l

හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ලංකා රෝහලේ හෘදරෝග ඒකකයේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටින අතරතුර රහස් පොලීසිය විසින් පසුගිය සිකුරාදා (27) අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් කළේය.

එලෙස අත් අඩංගුවට ගෙන රිමාන්ඩ් කරනු ලැබුවේ අධිකරණය විසින් නිකුත් කරන ලද වරෙන්තුවකට අනුවය.

රාජිත සේනාරත්න මහතාට එරෙහිව පසුගිය 24 වැනිදා මෙම වරෙන්තුව නිකුත් කර තිබූ අතර රහස් පොලීසිය විසින් ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා කිහිපවතාවක් ඔහුගේ කොළඹ සහ බේරුවල පිහිටි නිවෙස්වලට ගියත් ඔහු එම නිවාසවල සිටියේ නැත. පසුව ඒ මහතා පසුගිය 26 වැනිදා රාත්‍රියේ ලංකා රෝහලේ හෘදරෝග ඒකකයට ඇතුළත් කරනු ලැබූ අතර ඒ අවස්ථාවේ සිට අත්අඩංගුවට ගන්නා තෙක්ම ඔහු රහස් පොලීසිය බාරයේ ප්‍රතිකාර ලබමින් සිටියේය. පසුව රෝහලට පැමිණි කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ශලනි පෙරේරා මහත්මිය සැකකරු පරීක්ෂා කිරීමෙන් අනතුරුව ලබන 30 වැනිදා දක්වා රිමාන්ඩ් කිරීමට නියෝග නිකුත් කළාය.