2019 දෙසැම්බර් 28 වන සෙනසුරාදා

දිසාපති කෙනෙකුත් සහල් මාෆියා සාක්කුවේ

 2019 දෙසැම්බර් 28 වන සෙනසුරාදා, ප.ව. 12:30 30

I දේශපාලන වාර්තාකරු

සහල් මාෆියාවට සහාය ලබාදෙන දිසාපතිවරයකු ගැන රජයට පැමිණිලි ලැබී තිබේ. මෙහි මූලික පැමිණිල්ල මගින් අදාළ දිසාපතිවරයා රටේ සහල් මිල පාලනය කරන ප්‍රධාන පෙළේ මෝල් කිහිපයකට ඍජුව සහාය ලබාදෙන බවට හෙළිකර තිබේ.

එයින් ප්‍රකාශිත ආකාරයට මෙම දිසාපතිවරයා රජරට පළාතේ ප්‍රධාන දිස්ත්‍රික්කයක් නියෝජනය කරන්නෙකි. පසුගිය කාලයේ ඔහු තෝරාගත් සහල් මෝල් හයකට වී කෝටා ලබාදී විශේෂ අනුග්‍රහයක් දක්වා තිබෙන වග මෙම පැමිණිල්ලේ සඳහන්ය. මේ ගැන මූලික විමර්ශනයක් සිදුකර අදාළ දිසාපතිවරයා සම්බන්ධයෙන් සුදුසු පියවරක් ගන්නා ලෙස දැනටමත් අග්‍රාමාත්‍යවරයා ජනාධිපති කාර්යාලයට දන්වා තිබේ.

 2024 අප්‍රේල් 20 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 20 වන සෙනසුරාදා, ප.ව. 02:00