2019 දෙසැම්බර් 07 වන සෙනසුරාදා

ස්විස් වැඩේ රහස් එළියට

 2019 දෙසැම්බර් 07 වන සෙනසුරාදා, ප.ව. 12:30 1580

I ආරක්ෂක වාර්තාකරු

ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ සුදුවෑන් සිද්ධිය ගැන පරීක්ෂණ සිදුකරන පරීක්ෂකයන් එහි සුලමුල අනාවරණය කරගෙන ඇතැයි ඉහළ පෙළේ ආරක්ෂක ආරංචි මාර්ග කියයි.

රජයේ ආරංචි මාර්ග සඳහන් කරන ආකාරයට මෙම සිද්ධියට දේශපාලනයට සම්බන්ධ පසුගිය රජයේ රාජ්‍ය ආයතනයක ප්‍රධානියකුගේත් තානාපති සේවයට සම්බන්ධ එක්තරා නිලධරයකුගේත් සබඳතාවක් ඇතැයි ද තොරතුරු ලැබී ඇතැයි පැවසේ. තොරතුරු අනුව මෙම සිද්ධියට සම්බන්ධ කාන්තාවගේ පෞද්ගලික හැසිරීම් රටාවද පරීක්ෂණ අංශවල දැඩි අවධානයට ලක්ව ඇත. සිද්ධිය සිදුවූවා යැයි පැවසෙන දිනයේ ඇය ගමන් කළ වාහන ආදියේ සී.සී.ටී.වී. දර්ශනද ආරක්ෂක අංශ විසින් මේ වනවිටත් එක්රුස් කර ඇත.

පසුගියදා මාධ්‍ය සාකච්ඡාවක් තබමින් රාජිත සේනාරත්න මහතා අදාළ කාන්තාව රඳවාගෙන පිස්තෝලයක් කටට ඔබා තර්ජනය කළ බව පැවසීය. ඒ සම්බන්ධයෙන්ද ආරක්ෂක අංශ රාජිත සේනාරත්න මහතාගෙන් ප්‍රශ්න කරනු ඇතැයි පොලිස් ආරංචි මාර්ග කියයි.