2019 දෙසැම්බර් 07 වන සෙනසුරාදා

රාජ්‍ය ආයතන ලොක්කන්ගේ නම් ජනපති - අගමැති අනුමැතියට

 2019 දෙසැම්බර් 07 වන සෙනසුරාදා, ප.ව. 12:30 42

I දේශපාලන වාර්තාකරු

රාජ්‍ය සංස්ථා මණ්ඩල අධිකාරි හා රජයේ සමාගම් සඳහා සභාපතිවරුන් හා අධ්‍යක්ෂවරුන් පත්කිරීම පිණිස කැඳවන ලද අයැදුම්පත් අනුව තෝරාගත් අපේක්ෂකයන්ගේ නාමලේඛන පරීක්ෂණ මණ්ඩලය විසින් ජනාධිපති ලේකම්වරයාගේ අනුමැතිය ඇතිව ජනාධිපතිවරයාට සහ අග්‍රාමාත්‍යවරයාට ඉදිරිපත් කෙරේ.

ඒ අනුව එක් එක් ආයතනයක් සඳහා යෝග්‍ය සභාපතිවරුන් දෙදෙනකු හෝ තිදෙනකුගේ නම් ද අධ්‍යක්ෂ මණ්ඩල නාමලේඛන ද සකස් කිරීම දැනටමත් අරඹා ඇත. මෙම තනතුරු සඳහා ලබන 18දා තෙක් අයැදුම්පත් භාරගැනෙන අතර දැනට ලැබී ඇති අයැදුම්පත් සංඛ්‍යාව 800කට වඩා අධික බව ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග කියයි.

යෝජිත නම් ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා අනුමත කිරීමෙන් පසුව පත්වීම් බලධරයා වන විෂය භාර අමාත්‍යවරයා වෙත ඉදිරිපත් කිරීමෙන් පසු පත්වීම් සිදුකෙරෙන බව ජනාධිපති කාර්යාලය පවසයි.