2019 නොවැම්බර් 30 වන සෙනසුරාදා

මහ මැතිවරණයේදී එජාපයට ඡන්ද වැඩිවේවි - මන්ත්‍රී ජේ.සී. අලවතුවල

 2019 නොවැම්බර් 30 වන සෙනසුරාදා, ප.ව. 12:30 39

I හසිත් අංජන

ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේ එක්සත් ජාතික පක්ෂයට ලැබෙන ඡන්ද ප්‍රමාණය ජනාධිපතිවරණයට වඩා වැඩිවනු ඇති බවට අපේක්ෂා කරන බව එක්සත් ජාතික පක්ෂ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ.සී. අලවතුවල මහතා දේශයට පැවසීය.

ඒ සඳහා පසුගිය ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයෙන් ගිලිහී ගිය බෞද්ධ ඡන්ද පදනම නැවත ලබාගැනීම සඳහා ගම් මට්ටමින් වැඩපිළිවෙළක් ආරම්භ කර ඇති අතර පක්ෂ නායකත්වයට අලුත් මුහුණක් අවශ්‍ය බවට එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරැවන් බහුතරයක් බලාපොරොත්තු වන බවද මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේය.  විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ඕනෑම මොහොතක විපක්ෂ නායක ධූරය සඳහා තරැණ නායකත්වයක් පත් කිරීමේ කැමැත්තෙන් පසුවන බවද ඉදිරි මහ මැතිවරණයට පෙර පක්ෂ නායකත්වයේ වෙනසක් සිදුවනු ඇති බවද අලවතුවල මහතා වැඩිදුරටත් කීය.