2019 නොවැම්බර් 30 වන සෙනසුරාදා

මැතිසභා සැසිය හෙටින් අවසන් යළි කැඳවීම 17දා?

 2019 නොවැම්බර් 30 වන සෙනසුරාදා, ප.ව. 12:30 25

I දේශපාලන වාර්තාකරු

නව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් (හෙට) දෙසැම්බර් මස 2 දින පාර්ලිමේන්තුව වාර අවසාන කොට නැවත දෙසැම්බර් මස 17 දින කැඳවීමට ඉඩ ඇතැයි ජනාධිපති කාර්යාලීය ආරංචි මාර්ග කියයි.

පාර්ලිමේන්තුව වාර අවසානයේ කැඳවන්නේ ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය ඉදිරිපත් කිරීමටයි. මේ වසරේ අයවැය ලේඛනයක් ඉදිරිපත් නොකෙරෙන අතර ලබන අප්‍රේල් මාසය දක්වා අතුරු සම්මත ගිණුමක් මගින් දැනටමත් රජයේ කටයුතු සඳහා මුදල් වෙන්කර තිබේ. ප්‍රතිපත්ති ප්‍රකාශනය ඉදිරිපත් කිරීමෙන් පසු ඒ ගැන සාකච්ඡා කෙරෙන කෙටි පාර්ලිමේන්තු සැසියක් පවත්වා නත්තල් නිවාඩුව නිමිත්තෙන් මැතිසබය කල් දැමේ. නැවත මැතිසබය කැඳවනු ලබන්නේ ජනවාරි මාසයේය.