2019 නොවැම්බර් 30 වන සෙනසුරාදා

සහල් මිල බස්සන්න දැඩි පියවරක්

 2019 නොවැම්බර් 30 වන සෙනසුරාදා, ප.ව. 12:30 24

I ව්‍යාපාරික වාර්තාකරු

අධික සහල් මිල ගණන් පාලනය සඳහා දැනට දිසාපතිවරුන් භාරයේ ගබඩා කර තිබෙන වී මෙට්‍රික් ටොන් හැට දහසක් වහාම සහල් බවට පත්කොට වෙළෙඳපොළට මුදාහැරීමට රජය තීරණය කර තිබේ.

මේ සම්බන්ධයෙන් වන සාකච්ඡාවක් පසුගියදා මුදල් අමාත්‍යාංශයේ දී පවත්වා ඇත. මෙම වී තොගය වහාම සහල් බවට පත්කොට නත්තලට පෙර වෙළෙඳපොළට හැරීමට නියමිතය. මේ සහල් කිලෝවක මිල රු. 80/- බවද අප වෙත ලැබුණු වාර්තාවක සඳහන්ය. ස.තො.ස. මගින් එම සහල් අලෙවි කරන බව මේ සම්බන්ධයෙන් අප වෙත අදහස් දැක්වූ පාරිභෝගික සේවා අධිකාරියේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් කීය.

 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:01