2019 නොවැම්බර් 16 වන සෙනසුරාදා

මහින්ද රාජපක්ෂගේ ඡන්ම දිනය හෙට

 2019 නොවැම්බර් 16 වන සෙනසුරාදා, ප.ව. 12:30 156

I දේශපාලන වාර්තාකරු

විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතාගේ 74 වැනි ජන්ම දිනය හෙටට (18 දාට) යෙදී තිබේ. 1945 නොවැම්බර් මස 18දා මාතරදී උපතලත් හෙතෙම වත්මන් පාර්ලිමේන්තුවේ සිටින ජ්‍යෙෂ්ඨතම මන්ත්‍රීන් දෙදෙනාගෙන් කෙනෙකි. මහින්ද රාජපක්ෂ මහතා සමඟ 1970 පාර්ලිමේන්තුවට පත්වූ අනෙක් මන්ත්‍රිවරයා වාසුදේව නානයක්කාර මහතාය.

2005 – 2015 කාලයේ මෙරට පස්වැනි විධායක ජනාධිපති ධුරය දැරූ මහින්ද රාජපක්ෂ මහතා පසුගිය වසරේ ඔක්තෝබරයේ පිහිටවූ දින 52 ආණ්ඩුවේද 2004 – 2005 කාලයේද අගමැති ධූරය දැරීය.

මෙවර ජනාධිපතිවරණ ප්‍රතිඵලය නිකුත් වී නව ජනාධිපතිවරයා දිව්රුම් දෙන හෙට දින ඔහුගේ උපන් දිනයද යෙදී තිබීම විශේෂයකි. සිය උපන් දිනය නිමිත්තෙන් විජේරාම මාවත විපක්ෂ නායක නිල නිවසේදී ස්වාමීන් වහන්සේලා 74 නමක් විෂයෙහි දානමය පිංකමක් පැවැත්වෙයි. 

 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:01