2019 නොවැම්බර් 16 වන සෙනසුරාදා

තවත් සතියක් රට පුරා දැඩි රැකවල්

 2019 නොවැම්බර් 16 වන සෙනසුරාදා, ප.ව. 12:30 66

I සමන්ත ප්‍රදීප් විල්තෙර

ජනාධිපතිවරණය හමාර වීමෙන් පසුවද සතියක පමණ කාලයක් රට පුරා දැඩි ආරක්ෂක රැකවල් පවත්වාගෙන යාමට පොලීසිය, යුද හමුදාව හා විශේෂ කාර්ය බළකා සෙබළුන් යොදවනු ඇත. යුද හමුදාව ආරක්ෂක කටයුතු කිරීම සඳහා යොදවනු ලබන්නේ ඡන්ද පෙට්ටි ගණන් කිරීමේ මධ්‍යස්ථාන වෙත ලැබීමෙන් පසුවය.

මෙම කාලය තුළදී රට පුරා විශේෂ මාර්ග බාධක 190 ක් යොදවයි. 1300කට අධික කැරළි මර්දන කණ්ඩායමක් ද 3500ක එස්.ටී.එෆ්. සෙබළුන් ද ආරක්ෂක කටයුතු සඳහා යොදවා ගැනීමට පොලීසිය කටයුතු යොදා ඇත. මේ හැරෙන්නට සිවිල් ආරක්ෂක භටයෝ 3000කට අධික පිරිසක් ද ආරක්ෂාව සඳහා කැඳවනු ලැබ සිටිති.

මැතිවරණයෙන් සතියක් ගතවන තෙක් රජයේ ප්‍රධාන කාර්යාල හා මර්මස්ථාන (විදුලි බලාගාර, වරාය/ ගුවන් තොටුපොළ) ආරක්ෂා කිරීමේ වගකීම යුද හමුදාවට පවරා ඇත.