2019 නොවැම්බර් 16 වන සෙනසුරාදා

අවසන් ප්‍රතිඵලය ඉරිදා මැදියමට පෙර?

 2019 නොවැම්බර් 16 වන සෙනසුරාදා, ප.ව. 12:31 64

I දේශපාලන වාර්තාකරු

ජනාධිපතිවරණයේ අවසන් ඡන්ද ප්‍රතිඵලය අද (17 ඉරිදා) මධ්‍යම රාත්‍රියට පෙර නිකුත් කරන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා දේශයට පැවසීය. ඡන්ද පත්‍රිකාව විශාල වීම නිසා යම් යම් සුළු ප්‍රමාදයක් ඇතිවුවද අවසන් ප්‍රතිඵලය ඉරිදා දිනය තුළ නිකුත් කිරීමට අවශ්‍ය සියලු කටයුතු යොදා ඇතැයිද ඔහු සඳහන් කළේය.

ඒ අනුව නව ජනාධිපතිවරයාට හෙට දිනයේ (සඳුදා) දිවුරුම්දීමට හැකියාව ලැබෙන්නේ යැයි දේශප්‍රිය මහතා වැඩිදුරටත් කීය.