2019 නොවැම්බර් 09 වන සෙනසුරාදා

දිනන්නේ කවුද? බුද්ධි අංශ වාර්තාව ජනපති අතට

 2019 නොවැම්බර් 09 වන සෙනසුරාදා, ප.ව. 12:30 2463

I ගයාන් ගාල්ලගේ

ජනාධිපතිවරණයේ ජයග්‍රාහකයා කවුද යන කරුණ පිළිබඳව රාජ්‍ය බුද්ධි අංශය විසින් සකස් කරන ලද නවතම රහස්‍ය වාර්තාව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත බාරදුන් බව රාජ්‍ය බුද්ධි අංශයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් දේශයට පැවසීය.

මෙවර ජනාධිපතිවරණය සම්බන්ධයෙන් සිදුකරන ලද බුද්ධි අංශ සමීක්ෂණවලට සහභාගි වූ ඇතැම් පිරිස් ස්වකීය දේශපාලන මතය පැහැදිලිව ඉදිරිපත් කිරීමට අදිමදි කළ බව එම නිලධාරියා වැඩිදුරටත් කීය.

කෙසේ වෙතත් ජනාධිපතිවරණයට අදාළව රාජ්‍ය බුද්ධි අංශවලින් සැකසූ බව කියමින් සමාජ ජාලවල පළවන විවිධ සංඛ්‍යා සටහන් සහ වාර්තා සහමුලින් වැරදි බවද පැවසූ හෙතෙම නිවැරදි බුද්ධි අංශ වාර්තාව ඇත්තේ ජනාධිපතිවරයා සතුව පමණක් බවත් සඳහන් කළේය.

 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2024 පෙබරවාරි 24 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:01