2019 නොවැම්බර් 09 වන සෙනසුරාදා

දඟලන අයට වෙන දේ බලමු! - ශ්‍රීලනිප මහ ලේකම් දයාසිරි

 2019 නොවැම්බර් 09 වන සෙනසුරාදා, ප.ව. 12:30 354

I ගයාන් ගාල්ලගේ

තමාව පක්ෂයෙන් එළවීමට හෝ පක්ෂයේ අයිතිය ලබාගැනීමට හෝ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය රැකගැනීමට යැයි කියමින් දඟලන අයට ඉදිරියේදී සිදුවන දේ බලාගත හැකි බව ශ්‍රීලනිප මහලේකම් දයාසිරි ජයසේකර මහතා දේශයට පැවසීය. එසේම  සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේ පැවති රැස්වීමට ශ්‍රීලනිප සාමාජිකයන් ලෙස පෙනී සිටියේ එක්සත් ජාතික පක්ෂයේ පිරිස් බවද ඒ මහතා සඳහන් කළේය.

ඊට හොඳම උදාහරණය වන්නේ ඒ පැමිණි පිරිස් ශ්‍රීලනිප තේමා ගීතයට පවා නටමින් විනෝද වූ අයුරු දැකගන්නට හැකිවීම බවද හෙතෙම සඳහන් කළේය.