2019 නොවැම්බර් 09 වන සෙනසුරාදා

ජනපතිගේ සමුගැනීමේ නිල උත්සවස 14දා

 2019 නොවැම්බර් 09 වන සෙනසුරාදා, ප.ව. 12:30 338

I දේශපාලන වාර්තාකරු

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිය ධූරයෙන් විශ්‍රාම ගැනීම නිමිත්තෙන් ලබන 14දා (බ්‍රහස්පතින්දා) ජනාධිපති කාර්යාලයේ දී විශේෂ නිල උත්සවයක් සංවිධානය කර ඇත. එදින උදෑසන 11.00ට ජනාධිපති මන්දිරයේ පැවැත්වෙන මේ උත්සවය සඳහා ජනාධිපති කාර්ය මණ්ඩලයට ආරාධනා කර තිබේ. මෙම උත්සවයේ දී ජනාධිපතිවරයා විශේෂ තිළිණ ප්‍රදානයකට සහභාගි වන අතර දරුවන් වෙනුවෙන් විශේෂ ලොතරුයි පතක්ද ආරම්භ කෙරේ. 

අනතුරුව සියලුම කාර්ය මණ්ඩල සේවකයන්ට දිවා භෝජන සංග්‍රහයක් ද පැවැත්වෙයි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහභාගි වන අවසන් අමාත්‍ය මණ්ඩල හමුව ලබන බදාදා පැවැත්වෙනු ඇතැයි ද වාර්තා වෙයි.

 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:01