2019 නොවැම්බර් 09 වන සෙනසුරාදා

ගෝඨාගේ සහායට ශ්‍රීලනිපයේ මහ රැලිය 12දා

 2019 නොවැම්බර් 09 වන සෙනසුරාදා, ප.ව. 12:30 40

I දේශපාලන වාර්තාකරු

ගෝඨාභය රාජපක්ෂ මහතාට සහය දීම සඳහා ශ්‍රි ලංකා නිදහස් පක්ෂය විසින් පවත්වනු ලබන ප්‍රධාන ජනරැලිය ලබන අඟහරුවාදා (12දා) සවස 4.00ට නුගේගොඩ ආනන්ද සමරකෝන් රංගපීඨ වේදිකාවේ පැවැත්වෙයි. මේ සඳහා දයාසිරි ජයසේකර, දුමින්ද දිසානායක ඇතුළු ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨයන්ද පක්ෂයේ වැඩබලන සභාපති මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාසද එක්වෙති.

එසේම මහින්ද රාජපක්ෂ ගෝඨාභය රාජපක්ෂ යන මහත්වරු ඇතුළු පොහොට්ටුවේ ජ්‍යෙෂ්ඨයන් පිරිසකටද මෙම ජනහමුවට ඇරැයුම් කර තිබේ.

මේ හැර අවසන් සතියේ ප්‍රාදේශීය මට්ටමින්ද ශ්‍රීලනිපය ජනහමු කිහිපයක් සංවිධානය කර ඇත.