2019 නොවැම්බර් 02 වන සෙනසුරාදා

නීතියක් නැති නිසා පෞද්ගලික මාධ්‍ය පාලනයක් නැහැ

 2019 නොවැම්බර් 02 වන සෙනසුරාදා, ප.ව. 12:30 136

I දේශපාලන වාර්තාකරු

පෞද්ගලික මාධ්‍ය පාලනය කිරීමට තමන්ට කිසිම නීතිමය බලයක් මැතිවරණ පනත මගින් පවරා නැතැයි මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා දේශපාලන පක්ෂ නායකයන්ට දැනුම් දී තිබේ.

ජනාධිපතිවරණයට තරග කරන දේශපාලන පක්ෂවල ප්‍රධානීන් සමඟ පසුගිය අඟහරැවාදා පැවති රැස්වීමකදී ජ.වි.පෙ. සහ එ.ජා.ප. නියෝජිතයෝ පෞද්ගලික මාධ්‍ය පාලනය කරන ලෙස මැතිවරණ කොමිසමෙන් දිගින් දිගටම ඉල්ලා සිටියහ. එහෙත් තමන්ට ඒ සඳහා නීතිමය බලයක් නැතැයි සභාපති මහින්ද දේශප්‍රිය මහතා සවිස්තරව කරුණු දැක්වීය. ඔහු කීවේ තමන් මේ සඳහා බලය ලැබෙන අණ පනත් සම්මත කර දෙන ලෙස මැතිසබයෙන් වාර ගණනාවක් ඉල්ලා ඇතත් එය ඉටු නොවීම ගැන කොමිසම වැරදිකරුවකු නොවන බවය.

එහෙත් සභාපති දේශප්‍රිය මහතාගේ පැහැදිලි කිරීම පිළිනොගත් එ.ජා.ප. නියෝජිත අජිත් පී. පෙරේරා සහ ජ.වි.පෙ. නියෝජිත බිමල් රත්නායක මැතිවරණ කොමිසමේ සභාපතිගේ තීරණයට විරෝධය පළ කරමින් පක්ෂ නායක රුස්වීමෙන් ඉවත්ව ගියහ.