2019 ඔක්තෝබර් 19 වන සෙනසුරාදා

සමීක්ෂණ 4කින් ගෝඨා පෙරමුණේ - මහින්ද රාජපක්ෂ

 2019 ඔක්තෝබර් 19 වන සෙනසුරාදා, ප.ව. 12:30 696

දේශපාලන වාර්තාකරු l

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා ලබාගන්නා ජන ප්‍රතිශතය 70%ක් පමණ විය හැකි බවට තමන් වෙත තොරතුරු වාර්තා වී ඇතැයි විපක්ෂ නායක සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා දේශයට පැවසීය.

දේශීය හා විදේශීය සමීක්ෂණ කණ්ඩායම් 4ක් මේ තොරතුර සනාථ කර ඇතැයි කී රාජපක්ෂ මහතා වෙනදා තමන්ට නොලැබුණු මුස්ලිම් හා දෙමළ ඡන්ද ප්‍රතිශතයක් මෙවර පොහොට්ටුවට ලැබෙන බව ද අවධාරණය කළේය. විශේෂයෙන් නැගෙනහිර පළාතේ තම ඡන්දවල කැපී පෙනෙන වර්ධනයක් ඇතැයි ද මහින්ද රාජපක්ෂ මහතා වැඩිදුරටත් කීය.

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ අපේක්ෂකයා තම පෞද්ගලික හැකියාවන් ගැන ප්‍රකාශ කරතත් රටට කිසිම සංවර්ධන සැලසුමක් ඉදිරිපත් කර නැති අතර තම පක්ෂය මේ වනවිටත් ස්වකීය සංවර්ධන දර්ශනය රටට ඉදිරිපත් කරමින් සිටින්නේ යැයි රාජපක්ෂ මහතා සඳහන් කළේය.

 

 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:01