2019 ඔක්තෝබර් 19 වන සෙනසුරාදා

සජිත්ගේ ජයග්‍රහණය තහවුරුවී ඉවරයි! - ඇමැති ගයන්ත කරුණාතිලක

 2019 ඔක්තෝබර් 19 වන සෙනසුරාදා, ප.ව. 12:30 42

හසිත් අංජන l

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා ඉදිරි ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය ලබන බව එජාපය විසින් පවත්වන ලද සියලු ජනමත සමීක්ෂණවලින් තහවුරු වී ඇතැයි ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය සහ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක මහතා දේශයට පැවසීය. 

ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා කිසි දිනෙක ඉටුකළ නොහැකි මැතිවරණ පොරොන්දු ලබා නොදෙන අතර ඔහුගේ මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය කෙරෙහි ජනතාව ආකර්ෂණය වී සිටින බවද අමාත්‍යවරයා අවධාරණය කළේය. දිවයිනේ සිටින එජාප ආසන සංවිධායකවරුන් පසුගිය සිකුරාදා (18) කොළඹට කැඳවා පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ ජ්‍යෙෂ්ඨයන් විසින් සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණය සඳහා සැලසුම් සහගතව ක්‍රියා කරන ආකාරය පිළිබඳව විශේෂ උපදෙස් ලබා දුන්නේ යැයි අමාත්‍යවරයා වැඩිදුරටත් කීය.