2019 ඔක්තෝබර් 11 වන සිකුරාදා

ඇල්පිටියෙන් පොහොට්ටුවට විශිෂ්ට ජයක්

 2019 ඔක්තෝබර් 11 වන සිකුරාදා, ප.ව. 08:54 288

ජනාධිපතිවරණයේ තීන්දුවත් මේකයි
- මහින්ද රාජපක්ෂ 

I සංජීවිකා සමරතුංග

සිකුරාදා පැවති ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විශිෂ්ට ජයග්‍රහණයක් ලැබීය. 

ඡන්ද දායකයන් 53,384 ක් සිටින ඇල්පිටිය ප්‍රාදේශීය සභාව ඡන්ද කොට්ඨාස 17ක් වෙනුවෙන් නියෝජිතයන් 17 දෙනෙක් ද ලැයිස්තුවෙන් නියෝජිතයන් 11 දෙනෙක් ද තෝරා පත්කර ගනු ලැබූහ.

ඒ සඳහා ප්‍රධාන දේශපාලන පක්ෂ 4කින් අපේක්ෂකයන් 155 දෙනෙක් තරග වැදුණාහ. ඡන්දපොළ 47කදී පැවති ඡන්දය සාමකාමීව පැවති බව ගාල්ල දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරී සෝමරත්න විදානපතිරණ මහතා පැවසීය.
මෙම මැතිවරණයේ දී ඡන්දය භාවිත කළ මුළු සංඛ්‍යාව 42,100 කි.

මේ ප්‍රතිඵලය අනුව පළාත් පාලන ඡන්දය පැවති කොට්ඨාස 17න් 17 ජයග්‍රහණය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට හිමි වී තිබේ. ඒ අනුව ඔවුනට හිමිවන සභිකයන් සංඛ්‍යාව 17 කි. එක්සත් ජාතික පක්ෂයට 7 කි. ඊට අමතරව එක්සත් ජනතා නිදහස් සන්ධානයට සභිකයන් 3ක්ද ජනතා විමුක්ති පෙරමුණට සභිකයන් දෙදෙනෙක්ද වශයෙන් හිමිව ඇත.

ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ලද විශිෂ්ඨ ජයග්‍රහණෙයන් ඉදිරි ජනාධිපතිවරණයේ සැබෑ ප්‍රතිඵලය රටට පෙන්වා දෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක හා විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා දේශයට පැවසීය. ඇල්පිටියේ ප්‍රතිඵලය මුළු රටේම ජනමතය නියෝජනය කරන අතර මෙය රට ජාතිය ගැන කැක්කුමක් ඇති ජනතාව රජයට ලබාදුන් පණිවිඩයක් යැයිද මහින්ද රාජපක්ෂ මහතා වැඩිදුරටත් කීය.

 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:01