2019 ඔක්තෝබර් 12 වන සෙනසුරාදා

ඡන්ද වියදම් කෝටි 100කින් නගී

 2019 ඔක්තෝබර් 12 වන සෙනසුරාදා, ප.ව. 12:30 52

I දේශපාලන වාර්තාකරු

ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂක සංඛ්‍යාව ඉහළ යාම නිසා ජනාධිපති මැතිවරණය සඳහා අපේක්ෂා කළ ඡන්ද වියදම රුපියල් කෝටි 100කින් පමණ ඉහළ යා හැකි බව මැතිවරණ කොමිසම පවසයි.

පසුගියදා මුද්‍රිත මාධ්‍ය ප්‍රධානීන්ගේ හමුවකදී මේ ගැන වැඩිදුරටත් කරුණු දැක්වූ දේශප්‍රිය මහතා ප්‍රකාශ කළේ ජනාධිපතිවරණය සඳහා රජය මුලින් ඇස්තමේන්තු කර තිබුණේ රුපියල් කෝටි 400ක් බවත් දැන් තත්ත්වය අනුව එම වියදම රුපියල් කෝටි 500 ඉක්මවිය හැකි බවත්ය.

අලුතෙන් ඡන්ද පෙට්ටි ආනයනය, අමතර සේවකයන් යෙදවීම, විකල්ප ඡන්ද මධ්‍යස්ථාන සංවිධානය, ඡන්ද ගණන් කිරීම ප්‍රමාද විය හැකි නිසා දරන්නට සිදුවන අතිරේක වියදම්, ආදිය එකතු කළ විට අපේක්ෂකයන් වැඩිවීමෙන් විශාල ලෙස වියදම ඉහළ නගින බව හෙතෙම වැඩිදුරටත් පැවසීය.