2019 ඔක්තෝබර් 12 වන සෙනසුරාදා

සජිත්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශය 21වැනිදා

 2019 ඔක්තෝබර් 12 වන සෙනසුරාදා, ප.ව. 12:30 59

I දේශපාලන වාර්තාකරු

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනය ලබන 21දා උත්සවාකාරයෙන් එළිදැක්වීමට නියමිතය. කොළඹ දී මේ සඳහා විශේෂ උත්සවයක් සංවිධානය කෙරෙනු ඇතැයි එ.ජා.ප. ආරංචි මාර්ග කියයි.

සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය සමඟ සමාජයේ විවිධ ජනකොටස් සමඟ ප්‍රඥප්ති ගණනාවක් අත්සන් කෙරේ. තරුණයන් සමඟ තරුණ ප්‍රඥප්තිය, ගොවීන් සමඟ ගොවි ප්‍රඥප්තිය, කාන්තාවන් සමඟ වනිතා ප්‍රඥප්තිය, වැඩ කරන ජනතාව සමඟ වැඩබිමේ ප්‍රඥප්තිය ආදී වශයෙන් මෙම ප්‍රඥප්ති සකස් කර ඇතැයි දේශයට වාර්තා වෙයි.
සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය මගින් ආරක්ෂාව, ආර්ථිකය, රාජ්‍ය පාලනය, පොදු සමාජ ප්‍රශ්න හා පරිසරය සම්බන්ධව නව යෝජනා ගණනාවක් හඳුන්වා දෙනු ඇතැයි සඳහන්ය.