2019 ඔක්තෝබර් 12 වන සෙනසුරාදා

ටී. එන්. ඒ තීන්දුව ප්‍රතිපත්ති ප්‍රකාශවලින් පසුව

 2019 ඔක්තෝබර් 12 වන සෙනසුරාදා, ප.ව. 12:30 33

I දේශපාලන වාර්තාකරු

ඉදිරි ජනාධිපතිවරණයේදී දෙමළ ජාතික සන්ධානනය සහය දෙන්නේ කවර පක්ෂයකටදැයි ප්‍රකාශ කිරීම ප්‍රධාන පක්ෂ දෙකේ ප්‍රතිපත්ති ප්‍රකාශන එළිදැක්වීමෙන් පසුව සිදු කිරීමට එම සන්ධාන මන්ත්‍රී කණ්ඩායම මේ සතියේ තීන්දු කළේය.

දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම ඒ ගැන සාකච්ඡා කිරීමට ගිය බදාදා පක්ෂ නායක ආර්. සම්පන්දන් මහතාගේ නිවසට රැස් වී මෙම තීන්දුව ගනු ලැබීය.

පසුගිය කාලයේ විවිධ ආණ්ඩු විසින් මැතිවරණවලදී සහය ලබා ගැනීම සඳහා තමන්ට නොයෙක් පොරොන්දු ලබාදුන් නමුත් ඒවා ඉටු නොවීම ගැන මෙහිදී මන්ත්‍රීන් ගණනාවක් කරුණු දක්වා ඇත. ඒ නිසා ඒ ඒ දේශපාලන පක්ෂ ඉදිරියේදී උතුරේ ජනතාවට ලබා දෙන විසඳුම ඔවුන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශනවල ඇතුළත් වියයුතු බව දෙමළ සන්ධානය මෙයට පෙර කියා තිබිණි. ඒ අනුව මෙම තීන්දුව ගනු ලැබීය.