2019 ඔක්තෝබර් 12 වන සෙනසුරාදා

අාණ්ඩුවේ අාර්ථික ඉලක්ක මඟහිටී

 2019 ඔක්තෝබර් 12 වන සෙනසුරාදා, ප.ව. 12:30 18

 

I ව්‍යාපාරික වාර්තාකරු

මේ වසරේ රජය අපේක්ෂා කරන ආයෝජන හා ආර්ථික වර්ධන ඉලක්ක කිසිසේත්ම සාර්ථක නොවන බව ලෝක ප්‍රකට, ආර්ථික ශ්‍රේණිගත කිරීමේ ආයතනයක් වන (පිච් රේටිංග්ස්) ආයතනය ශ්‍රී ලංකාව ගැන නිකුත් කළ නවතම වාර්තාවේ සඳහන්ය.

පසුගිය කාලයේ රජය රටේ පොලී අනුපාතය වාර ගණනක් අඩු කළේය. එහෙත් ආර්ථිකයේ විශ්වසනීයභාවය අඩාල වීම නිසා පෞද්ගලික අංශය අඩු පොලියට ණය ලබාගෙන ආයෝජනය කිරීමක් අපේක්ෂා කළ නොහැකි බවද (පිච් රේටිංග්) සඳහන් කරයි. විශේෂයෙන් තැන්පතු හා ණය පොලියට උපරිම සීමා පැනවීමෙන් ආර්ථිකයේ ප්‍රබෝධයක් අපේක්ෂා නොකළ යුතු යැයි එම වාර්තාව කියයි. ආර්ථික හා දේශපාලන ස්ථාවරය ඇතිවන තුරු මෙම තත්ත්වය පවතිනු ඇතැයි ද එහි සඳහන්ය.