2017 මාර්තු 11 වන සෙනසුරාදා

ඇමැති මාරුව එපා - එජාපය යළිත් කියයි

 2017 මාර්තු 11 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 353


යෝජිත අමාත්‍ය මණ්ඩල සංශෝධනය දැන්ම සිදු නොකර කල් දමන්නැයි නැවත වරක් එ.ජා.ප.ය ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර ඇතැයි දේශයට වාර්තා වෙයි.

ජනාධිපතිවරයා ඉන්දුනීසියාව බලා පිටත්ව යාමට පෙර දිනයේ ජනාධිපති නිවසට පැමිණි එ.ජා.ප. ජ්‍යෙෂ්ඨ නියෝජිත පිරිසක් මෙම ඉල්ලීම කර තිබේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාව ගැන අධීක්ෂණය කරන මොහොතක මුදල් අමාත්‍යංශය ඇතුළු අමාත්‍යංශ ගණනාවක් හදිසියේ වෙනස් කළහොත් එයින් රජයේ ප්‍රතිරූපයට හානියක් වන බැවින් ඇමැති සංශෝධනය කල් දැමිය යුතු යැයි එ.ජා.ප.ය යෝජනා කර තිබේ. එ.ජා.ප.යේ යෝජනාවට සවන් දුන් ජනාධිපතිවරයා ඒ ගැන කිසිදු ප්‍රතිචාරයක් දක්වා නැතැයි වැඩිදුරටත් වාර්තා වෙයි.

I දේශපාලන වාර්තාකරු