2017 මාර්තු 11 වන සෙනසුරාදා

ජයන්ත යයි?

 2017 මාර්තු 11 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 298


ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලයේ හටගත් අභ්‍යන්තර ගැටලු උග්‍රවීම නිසා ක්‍රිකට් පාලක මණ්ඩලයේ උප සභාපති ජයත්න ධර්මදාස මහතා ඉල්ලා අස්වීමට තීරණය කර ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ගවලින් දේශයට වාර්තා වෙයි.

ක්‍රිකට් පාලක මණ්ඩලයේ ජාත්‍යන්තර ක්‍රීඩා කටයුතු බොහොමයක් භාරව සිටි ධර්මදාස මහතා හිටපු ක්‍රිකට් සභාපතිවරයෙකි. අස්වීමේ තීරණය ගැනීමෙන් පසු ජයන්ත ධර්මදාස මහතා ක්‍රිකට් පාලක මණ්ඩල කාර්යාලයේ තිබූ තමන්ගේ පෞද්ගලික බඩු බාහිරාදියද ඉවත් කරගෙන ඇත. මේ ඉවත්වීමත් සමඟ ක්‍රිකට් පාලක මණ්ඩලයේ තවත් ජ්‍යෙෂ්ඨයන් කිහිප දෙනකුද ඉවත් වීමට නියමිත යැයි කියැවේ. කෙසේ වෙතත් ධර්මදාස මහතා ඉවත් වන හේතුව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර නැත.

I ක්‍රීඩා වාර්තාකරු