2019 ඔක්තෝබර් 05 වන සෙනසුරාදා

චමල් - සජිත් ඇප බඳිති

 2019 ඔක්තෝබර් 05 වන සෙනසුරාදා, ප.ව. 12:30 95

දේශපාලන වාර්තාකරු l

හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු කතානායක චමල් රාජපක්ෂ මහතා ස්වාධීන අපේක්ෂකයකු ලෙස ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම සඳහා සිකුරාදා සවස ඇප මුදල් තැන්පත් කළේය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ නායකයන්ගේ සහ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ එකඟතාව මත හෙතෙම මෙසේ ඇප මුදල් තැන්පත් කළ බව දැනගන්නට ඇත. චමල් රාජපක්ෂ මහතා ඇප තැන්පත් කිරීමට පෙර එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාද ඇප තැන්පත් කළේය.

සිකුරාදා සවස 5 වනවිට ස්වාධීන අපේක්ෂකයන් හා පිළිගත් දේශපාලන පක්ෂවල අපේක්ෂකයන් 31 දෙනකු පමණ ජනාධිපතිවරණයට ඇප මුදල් තැන්පත් කළ බව මැතිවරණ කොමිසමේ ආරංචි මාර්ග වාර්තා කළේය.