2019 ඔක්තෝබර් 05 වන සෙනසුරාදා

අනුර කුමාරගේ ප්‍රතිපත්ති මාලාව අලුත් ක්‍රමයකට

 2019 ඔක්තෝබර් 05 වන සෙනසුරාදා, ප.ව. 12:30 67

I ගයාන් ගාල්ලගේ - හසිත් අංජන

ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා විසින් තම ප්‍රතිපත්ති මාලාව එක් එක් විෂයට අනුව ස්ථාන ගණනාවකදී ඉදිරිපත් කිරීමට තීරණය කර තිබේ.

ඒ අනුව අධ්‍යාපන, සෞඛ්‍ය, ජාතික ආරක්ෂාව, ජාතික සමගිය, කෘෂිකර්ම, පරිසර, ප්‍රවාහන වශයෙන් වෙන වෙනම ස්ථාන කිහිපයකදී ප්‍රතිපත්ති ප්‍රකාශනය එළිදැක්වීමට නියමිතය.

ජාතික ආරක්ෂාව සහ ජාතික සමගිය සම්බන්ධ ප්‍රතිපත්තිය මීගමුව ප්‍රදේශයේදීත්, කෘෂිකර්ම සම්බන්ධ ප්‍රතිපත්තිය මහනුවර ගන්නෝරුවේදීත්, පරිසර සම්බන්ධයෙන් ප්‍රතිපත්තිය උඩවලව ප්‍රදේශයේදීත්, ඊට අමතරව සෙසු ප්‍රතිපත්ති බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාව, පදනම් ආයතනය වැනි ස්ථාන කිහිපයකදීත් ඉදිරිපත් කිරීම සඳහා සූදානම් කර ඇති බවත් සඳහන් වේ.

අපේක්ෂාවේ අපේක්ෂකයා ලෙස ජාතික ජනබලවේගය විසින් මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වන ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වන සලකුණ හෙට (07) එළිදක්වන බව ජනතා විමුක්ති පෙරමුණේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස මහතා දේශයට පැවසීය.