2019 ඔක්තෝබර් 05 වන සෙනසුරාදා

ශ්‍රීලනිපයේ 11 ක් පොහොට්ටුවට : 06 ක් හංසයාට

 2019 ඔක්තෝබර් 05 වන සෙනසුරාදා, ප.ව. 12:30 101

I දේශපාලන වාර්තාකරු

ශ්‍රීල.නි.ප.ය හා පොහොට්ටුව සන්ධානගතවීමට තීන්දු කළහොත් එම සන්ධානයට ශ්‍රිල.නි.ප.යේ මන්ත්‍රීන් 11 දෙනෙක් එක්වනු ඇති බවත් තවත් ශ්‍රීල.නි.ප. මන්ත්‍රීන් 6ක් එ.ජා.පෙරමුණට එක්වනු ඇති බවත් ශ්‍රීල.නි.ප. ආරංචි මාර්ග සඳහන් කරයි.

ශ්‍රීල.නි.ප.යෙන් එ.ජා.පෙරමුණට එක්වන මන්ත්‍රින්ගෙන් කොටසක් ඍජුවමද තවත් පිරිසක් ප්‍රධාන හවුල්කාර පක්ෂයත් සමඟද එ.ජා.පෙරමුණට එක්වනු ඇතැයි දැනගන්නට ඇත.

එහෙත් පොහොට්ටුවට එක්වීමට කැමැත්ත පළකර ඇති ශ්‍රීල.නි.ප. මන්ත්‍රීන් පිරිස පක්ෂ ජ්‍යෙෂ්ඨයන් සමඟ නව අවබෝධතා ගිවිසුමක් යටතේ සන්ධානගතවීමට නියමිතය. එම සන්ධානය අත්සන් කරන දිනය ඉතා ඉක්මනින් ප්‍රකාශයට පත් කෙරෙනු ඇතැයි අප වෙත වාර්තා වෙයි.

දැනට ශ්‍රීල.නි.ප.යේ මෛත්‍රිපාල ජනාධිපතිවරයා සමඟ මන්ත්‍රීන් 17 දෙනෙක් කටයුතු කරති.