2019 සැප්තැම්බර් 14 වන සෙනසුරාදා

ජනපති රූපවාහිනියේ ‘සිහිනයකි රෑ’

 2019 සැප්තැම්බර් 14 වන සෙනසුරාදා, ප.ව. 12:30 542

I දේශපාලන වාර්තාකරු

ඉරිදා රාත්‍රී 10.00 සිට 12.00 දක්වා ජාතික රූපවාහිනියේ ප්‍රචාරය කෙරෙන (සිහිනයකි රෑ) ප්‍රාසාංගික වැඩසටහන සඳහා ලබන සතියේ සහභාගී වන්නේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා බව රූපවාහිනී ආරංචි මාර්ග කියයි.

ජනාධිපතිවරයා සමඟ ජනාධිපති කාර්යාලයේ තවත් ඉහළ පෙළේ නිලධාරීන් කිහිපදෙනකු ඊට එක්වෙතැයි අපේක්ෂා කෙරේ.

මෙම ප්‍රසාංගික වැඩසටහනේදී ජනාධිපතිවරයා තමන් ප්‍රිය කරන ගීත තෝරා දීමත් ඒවා විචාරාත්මකව රසවිඳීමත් සිදු කෙරේ. ‍මෙකී වැඩසටහන සඳහා ප්‍රවීණ ගායන ශිල්පී ජානක වික්‍රමසිංහ ගායනයෙන් එක්වන අතර ඔහු විසින් ජනප්‍රිය ගීත කිහිපයක් ගායනා කරනු ඇත.

ජනපති සහභාගිවන (සිහිනයකි රෑ) වැඩසටහන පටිගත කොට ප්‍රචාරය කෙරෙන අතර එය අද රාත්‍රියේ (ඉරිදා) පටිගත කෙරෙනු ඇතැයි දැනගන්නට ඇත.