2019 සැප්තැම්බර් 14 වන සෙනසුරාදා

අලුත් කුඩු රජවරු 16 දෙනෙකු හඳුනාගනී!

 2019 සැප්තැම්බර් 14 වන සෙනසුරාදා, ප.ව. 12:30 140

ගයාන් ගාල්ලගේ I

මේ වනවිට ලංකාව තුළ මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදෙන ප්‍රධාන පෙළේ නව මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් 11 දෙනෙකු සහ ශ්‍රී ලංකාවෙන් පිට සිට මෙහෙයවන ජාවාරම්කරුවන් 05 දෙනෙකුගේ නම් බුද්ධි අංශ විසින් පසුගියදා අනාවරණය කරගෙන ඇත.

මොහොමඩ් සිද්ධික්, දෙමටගොඩ රුවන්, කුඩු තිලාන්, කොස්ගොඩ තාරක, සුනිල් ශාන්ත, වාරියපොළ සුරංග, මීගමුවේ ලොම්බ නිමල්, වැලිගම චින්තක, පොඩි ලැසී, රණා, මාතර රසික යන අය මෙරට තුළ මෙහෙයවන බවට අනාවරණය කරගෙන ඇත.

ඊට අමතරම මැලේසියාවේ මුජහිඩී, ඩුබායි මොරිල්, ශිරාන් බාසික්, කොස්ගොඩ සුජී සහ රත්ගම විදුර යන පස්දෙනා රටින් පිට සිට මහා පරිමාණයෙන් මෙහෙයවන බවටද සඳහන් වේ.

කෙසේ වෙතත් වෙලේ සුදා, කංජිපානි ඉම්රාන්, සුසෙයි බුස්ස බන්ධනාගාරයේ හිර කිරීමත් සහ මධූෂ් රහස් පොලීසියේ රඳවා ගැනීමත් නිසා ප්‍රධාන ජාලා තුනක් නතර වී ඇති බවද එම බුද්ධි තොරතුරු හරහා වාර්තා වේ.

 

 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:01