2019 සැප්තැම්බර් 14 වන සෙනසුරාදා

ජනවාරි 8 රාජ්‍ය විෙරා්ධී කුමන්ත්‍රණය යළි ෙගාඩගනී

 2019 සැප්තැම්බර් 14 වන සෙනසුරාදා, ප.ව. 12:30 51

I ආරක්ෂක වාර්තාකරු

2015 ජනවාරි මස 08 දින (ජනාධිපතිවරණය දා) සිදුකරන්නට ගියැයි කියා රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණයක් සම්බන්ධ පරීක්ෂණ නැවතත් ආරම්භ කර ඇතැයි පොලිස් ආරංචි මාර්ග කියයි.

ඒ අනුව කුමන්ත්‍රණ සිද්ධිය සම්බන්ධයෙන් පසුගියදා එවකට සිටි ගුවන් හමුදාපතිවරයාගෙන් පොලිසිය විශේෂ ප්‍රකාශයක් සටහන් කරගත්තේය. ඉන් අනතුරැව රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණය ගැන ප්‍රකාශයක් ලබාදීමට ඒ සම්බන්ධව පරීක්ෂණ කරන ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරින් හමුවට කැඳවා ඇත්තේ හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතාය. පසුගිය 12 වැනි බ්‍රහස්පතින්දාට පසු සුදුසු දිනක පැමිණ ඒ ගැන ප්‍රකාශයක් ලබාදෙන්නැයි දැනටමත් ලලිත් වීරතුංග මහතාට පොලිසිය විසින් දැනුම් දී තිබේ.