2019 සැප්තැම්බර් 07 වන සෙනසුරාදා

ණය පොලිය බස්සන නීති!

 2019 සැප්තැම්බර් 07 වන සෙනසුරාදා, ප.ව. 12:30 36

I ව්‍යාපාරික වාර්තාකරු

බැංකු තැන්පතු සඳහා ෙගවන පොලී අනුපාතය සඳහා සීමාවක් පනවා ඇති ආකාරයටම ණය ලබාදීමේදී නියම කරන පොලී අනුපාතය සඳහා ද සීමාවක් පැනවීමට ශ්‍රී ලංකා මහ බැංකුව සැරසෙන බව දේශයට වාර්තා වෙයි.

පසුගිය කාලයේ ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රතිපත්ති පොලී අනුපාත දිගින් දිගටම අඩු කිරීම නිසා තැන්පතු සඳහා ගෙවන පොලිය 2.5%කින් පමණ පහත දැමිණි. එහෙත් බොහෝ බැංකු ඊට සපේක්ෂව ණය පොලී අනුපාත අඩුකර නැති බවට ලැබුණ පැමිණිලි රාශියක් සලකා බැලීමෙන් පසු එම නිවාස ණය - වාහන ණය - දේපල මිලදී ගැනීම ආදී විවිධ කාරණා සඳහා බැංකු ණය ලබා දීමේදී දැනට අය කරන පොලී අනුපාතයන් 2%කින් පමණ අඩුවන ලෙස ණය පොලී සීමාවක් පැනවෙන බව මුදල් අමාත්‍යංශ ආරංචි මාර්ග කියයි.