2019 සැප්තැම්බර් 07 වන සෙනසුරාදා

පාන් මිල නගී!

 2019 සැප්තැම්බර් 07 වන සෙනසුරාදා, ප.ව. 12:30 20

යසවර්ධන රුද්රිගු I

ප්‍රීමා සමාගම තිරිඟු පිටි කිලෝවක මිල සිකුරාදා සිට රුපියල් පහකින් ඉහළ නැංවීම නිසා එදින මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ග්‍රෑම් 450 පාන් ගෙඩියක විකුණුම් මිල රුපියල් දෙකකින් වැඩි කළ බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ උප සභාපති රින්සි විතානගේ දේශයට පැවසීය.

සෙසු තිරිඟු පිටි නිෂ්පාදනවල මිල පිළිබඳ මෙතෙක් තීරණයක් ගෙන නොමැති අතර එම මිල ගණන් බේකරි හිමියන් විසින් තම අභිමතය පරිදි වැඩිකරනු ලැබීමට ඉඩ ඇතැයි ඔහු කීවේය.

මේ අනුව ග්‍රෑම් 450 පාන් ගෙඩියක නව මිල රුපියල් 57ක් වෙයි.