2019 අගෝස්තු 17 වන සෙනසුරාදා

ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය චන්ද්‍රිකා ඉල්ලයි

 2019 අගෝස්තු 17 වන සෙනසුරාදා, ප.ව. 12:30 465

I දේශපාලන වාර්තාකරු

දැනට පුරප්පාඩු වී තිබෙන එ.ජ.නි.ස. ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය තමන්ට ලබාදෙන ලෙස හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මහත්මිය ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබේ.

එසේම පොහොට්ටුව පක්ෂයේ සභාපතිත්වය භාරගත් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා මන්ත්‍රී ධුරයෙන් හා විපක්ෂනායක ධුරයෙන් ඉවත් කරන ලෙසත් සෙසු මන්ත්‍රීන් සම්බන්ධයෙන් දැඩි විනය ක්‍රියාමාර්ගයක් ගන්නා ලෙසත් චන්ද්‍රිකා මහත්මිය ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇතැයි ජනාධිපති මන්දිර ආරංචි මාර්ග කියයි.

එහෙත් ජනාධිපතිවරයා මේ සම්බන්ධව ස්ථීර වචනයක් ලබා දී නැත. ඉදිරියේදී ඒ ගැන සලකා බලමු යැයි පමණක් ඔහු සඳහන් කළ බව වාර්තා වෙයි.