2019 අගෝස්තු 17 වන සෙනසුරාදා

විශේෂ තේරීම් කාරක සභාවෙන් දඬුවම් බෑ - නියෝජ්‍ය කතානායක

 2019 අගෝස්තු 17 වන සෙනසුරාදා, ප.ව. 12:30 27

I චමිඳු නිසල්

පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභා වාර්තාවෙන් වරදකරුවන්ට දඬුවම් කිරීමට නිර්දේශ කළ හැකි ප්‍රතිපාදන නැතැයි එම කමිටුවේ සභාපති නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි මහතා දේශයට පැවසීය.

මෙම කමිටුව මගින් විමර්ශන කොට වාර්තාකරනු ලබන්නේ ඉදිරියේදී මෙවන් ප්‍රහාරයක් වළක්වා ගැනීම සඳහා ගත හැකි පියවර සහ ක්‍රමවේද පිළිබඳ නිර්දේශ බවද හෙතෙම සඳහන් කළේය.

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාර සම්බන්ධව සොයන පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාවේ නිල කාලය ලබන 23 වැනිදා අවසන් වීමට නියමිත වුවත් එහි කාලය තවත් මසකින් දීර්ඝ කරන ලෙස ඉදිරි සතියේ පාර්ලිමේන්තු යෝජනාවක් සම්මත කරන බවද සභාපතිවරයා දේශයට පැවසීය. කෙසේ වෙතත් ජනාධිපතිවරයා කමිටුවට කැඳවීම සම්බන්ධව අවසන් තීරණයක් මෙතෙක් ගෙන නැති බවත් ලබන සතියේදී මේ පිළිබඳ කලින් විමර්ශනය කළ විජිත් මලල්ගොඩ කමිටුවේ සාමාජිකයන් පාර්ලිමේන්තු කමිටුව හමුවට කැඳවීම නියමිත බවත් ඒ මහතා තවදුරටත් පැවසීය.