2019 අගෝස්තු 10 වන සෙනසුරාදා

මහින්ද - මෛත්‍රී නිතරග ගිවිසුමකට සාකච්ඡා

 2019 අගෝස්තු 10 වන සෙනසුරාදා, ප.ව. 12:30 509

දේශපාලන වාර්තාකරු l

ශ්‍රී.ල.නි.ප. නායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තුන්වැනි අපේක්ෂකයකු ලෙස ජනාධිපතිවරණයට තරග නොකිරීමටත් එම පක්ෂයේ සහාය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ලබාදීමටත් මහින්ද රාජපක්ෂ මහතා සමඟ එකඟත්වයකට පැමිණීම සඳහා සාකච්ඡා පවත්වමින් සිටින බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග කියයි.

මහින්ද රාජපක්ෂ මහතා සහ මෛත්‍රීපාල සිරිසේන මහතා අතර පැවැති ප්‍රථම හමුවේදී මේ ගැන මූලික එකඟත්වයක් ඇතිකරගෙන තිබේ. මෙහිදී ශ්‍රී.ල.නි.ප. මන්ත්‍රීන් පොහොට්ටුවට එක්වූ පසු ඔවුන්ගේ දිස්ත්‍රික් නියෝජනයන් ආරක්ෂා කර දෙන ලෙස ජනාධිපතිවරයා ඉල්ලා ඇත. ඊට මහින්ද රාජපක්ෂ මහතා එකඟත්වය පළකර තිබේ. දෙපක්ෂය අතර කෙරෙන සාකච්ඡා ඉදිරියට ගෙනයාමටත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට තමන්ගේ ආණ්ඩුවක හිමිවන ස්ථානය ගැන එම සාකච්ඡාවේදී තීරණයක් ගැනීමටත් දෙපක්ෂය එකඟ වී ඇතැයිද සඳහන්ය.

ජනාධිපතිවරයා සිය කාම්බෝජ සංචාරය නිමවා පැමිණි පසු ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනම මුණගැසීමට නියමිතය. ඒ කෙසේ වෙතත් දැනට ශ්‍රී.ල.නි.ප.යේ සිටින මහින්ද සමරසිංහ, මොහාන් ලාල් ග්‍රේරු, ලසන්ත අලගියවන්න, දුමින්ද දිසානායක ඇතුළු පිරිසක් එ.ජා.ප.ය සමඟ එක්වන බව එම පක්ෂ ආරංචි මාර්ග කියයි.