2019 අගෝස්තු 10 වන සෙනසුරාදා

රනිල් හරි වෙලාවට හරි තීරණ ගනීවි - රාජ්‍ය ඇමැති ලකී ජයවර්ධන

 2019 අගෝස්තු 10 වන සෙනසුරාදා, ප.ව. 12:30 24

I හසිත් අංජන

එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා තෝරාගැනීමට කෘත්‍යාධිකාරී මණ්ඩලය හා පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම එකට කැඳවා තීරණයක් ගැනීම ගැටලුවක් නොමැති බව නගර සැලසුම්, ජල සම්පාදන සහ උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය ලකී ජයවර්ධන මහතා දේශයට පැවසීය.

මෙයට පෙර අවස්ථාවලදීද එලෙස ජනාධිපති අපේක්ෂකයා තෝරාගෙන ඇතැයි පැවසූ හෙතෙම පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඒ ගැන සුදුසු තීරණයක් ගනු ඇතැයි තමන් අපේක්ෂා කරන බවද තවදුරටත් කීය.

පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරුන් ඒ පිළිබඳව ඉල්ලීමක් කර ඇති අතර එක්සත් ජාතික පක්ෂයෙන්ම ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවද ඇමැතිවරයා වැඩිදුරටත් පැවසීය.