2019 ජුලි 20 වන සෙනසුරාදා

උතුරු - නැගෙනහිර දෙමළ පක්ෂ සමඟ බැසිල් සාකච්ඡා

 2019 ජුලි 20 වන සෙනසුරාදා, ප.ව. 12:30 232

I ගයාන් ගාල්ලගේ

උතුරු-නැගෙනහිර දෙමළ පක්ෂ හා සිවිල් සංවිධාන අතර විශේෂ සාකච්ඡා වට කිහිපයක් හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ මූලිකත්වයෙන් නෙළුම් මාවත පිහිටි පොදුජන පෙරමුණ පක්ෂ කාර්යාලයේදී පසුගියදා පවත්වා තිබේ.

එළඹෙන ජනාධිපතිවරණය කේන්ද්‍ර කරගනිමින් උතුරු නැගෙනහිර පක්ෂ සහ සිවිල් සංවිධානවල සහය ලබාගැනීමේ අරමුණින් මෙම සාකච්ඡා පවත්වා ඇත.

මෙහිදී උතුරු නැගෙනහිර ජනතාවට දැනට ඇතිව තිබෙන ප්‍රශ්න, ගැටලු සම්බන්ධයෙන් වූ යෝජනා මාලාවක් ලබාදෙන ලෙසද බැසිල් රාජපක්ෂ මහතා තමන් හමුවූ පක්ෂවලට දන්වා තිබේ.

මෙම අවස්ථාවට දෙමළ ජාතික සන්ධානය හැර පක්ෂ සහ සංවිධාන කිහිපයක් සහභාගිවී ඇතැයි සඳහන් වේ. ඉදිරියේදී උතුරු-නැගෙනහිර හිටපු මහ ඇමැතිවරයකු වන වර්ධරාජා පෙරුමාල් සමඟද සාකච්ඡා කිරීමට නියමිත බව දැනගන්නට ඇත.