2017 මාර්තු 04 වන සෙනසුරාදා

ආරක්ෂක ලේකම් යයි

 2017 මාර්තු 04 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 214



ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි මහතා සිය ධූරයෙන් විශ්‍රාම ගැනීමට තීරණය කර ඇතැයි රජයේ ආරංචි මාර්ග කියයි. පසුගියදා සිංගප්පූරුවේදී හදවත් සැත්කමකට මුහුණදුන් ලේකම්වරයා මේ දිනවල නිවාඩු ලබාගෙන සිටී.

හෙට්ටිආරච්චි මහතා විශ්‍රාම ලැබීමෙන් පුරප්පාඩු වන ආරක්ෂක ලේකම් ධූරයට අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ කපිල වෛද්‍යරත්න හෝ තවත් අතිරේක සොලිසිටර් ජනරාල්වරයකු වන ජනාධිපති නීතිඥ යසන්ත කෝදාගොඩ යන දෙදෙනාගෙන් එක් නිලධරයකු පත්වීමට ඉඩ ඇතැයි කියැවේ.

අතිරේක සොලිසිටර් ජනරාල් කපිල වෛද්‍යරත්න මහතා ලබන ජූනි මස විශ්‍රාම ගැනීමට නියමිත බැවින් ඊට පෙර ඔහුගේ නම මෙම තනතුර සඳහා යෝජනා වී ඇතැයි දැනගන්නට ඇත. 

I ආරක්ෂක වාර්තාකරු