2019 ජුලි 13 වන සෙනසුරාදා

පාස්කු බෝම්බ ප්‍රහාරය විමසන කමිටුවට ජනපති එන්නේ නැත්නම් අපි එනවා - අද හෙටම කියන්න කමිටුව සැරසෙයි

 2019 ජුලි 13 වන සෙනසුරාදා, ප.ව. 12:30 448

I දේශපාලන වාර්තාකරු

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය ගැන කරුණු විභාග කරන පාර්ලිමේන්තු තේරීම් කමිටුවේ ආරාධනය පරිදි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මැතිසබයට පැමිණ එහි සාක්ෂි දීමට අකැමැති නම් එම කමිටුව ජනාධිපති කාර්යාලයට හෝ ජනාධිපතිවරයා අභිමත ස්ථානයකට ගොස් ඔහුගෙන් සාක්ෂි විමසීම සඳහා සැරසෙන බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග කියයි.

ඒ ගැන කමිටු සාමාජිකයන් අතර විශේෂ සාකච්ඡාවක්ද පවත්වා තිබේ. ජනාධිපතිවරයාගෙන් මෙම කමිටුව සාක්ෂි විමසීමට යන්නේ ආරක්ෂක, නීතිය හා සාමය විෂය භාර අමාත්‍යවරයාගේ විෂය පථයට අදාළවය.

ජනාධිපතිවරයාගෙන් සාක්ෂි විමසීමට පෙර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගෙන් හා ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතාගෙන් ඊට අදාළව සාක්ෂි සටහන් කර ගැනේ. අග්‍රාමාත්‍යවරයා සහ රුවන් විජයවර්ධන මහතා දැනටමත් ඒ සඳහා කැමැත්ත පළකොට ඇත. බොහෝවිට මෙම සාක්ෂි කැඳවීම් ලබන සතියේ සිදු කෙරෙනු ඇතැයි සඳහන්ය.

එහෙත් ජනාධිපතිවරයා කලින් ප්‍රකාශ කළේ තමන් මෙම කමිටුව හමුවේ සාක්ෂි දීමට කිසිසේත්ම නොයන බවය. ආරක්ෂක අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයාගේ කරුණු දැක්වීමකින් තොරව මැතිසබා කමිටුවේ වාර්තාව සම්පූර්ණ කළ නොහැකි බැවින් මැතිසබා කමිටුව මෙම තීරණය ගෙන ඇතැයි දැනගන්නට තිබේ. කෙසේ වෙතත් කමිටුව මෙම තීන්දුව ක්‍රියාත්මක කරන ආකාරය ගැන අවසන් තීරණය අද හෙටම ගන්නා බව එහි ආරංචි මාර්ග පවසයි.

 

 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:01